
විල්ගම් වෙහෙර මහා සෑ සිරසෙහි චූඩා මාණික්‍ය පැළඳවීමේ අති උතුම් පිංකම
තුන් හෙළයම එක් සේසත් කළ අතීත රජ සමය අපට කියා පාන්නේ ප්‍රෞඩ ඉතිහාසයක අභිමානවත් බවයි.
ආපසු යන්න
බුදුරජාණන් වහන්සේගේ වාම දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති ඓතිහාසික සෙංකඩගලපුර මහනුවර ප්‍රථම දළදා මාලිගාව ගොඩනඟා ඇත්තේ ක්‍රි.ව. 1592-1604 අතර කාලයේ රජ කළ පළමු වෙනි විමලධර්මසූරිය රජතුමා විසිනි. එතුමා ඉදි කළ දළදා මාලිගාව පෘතුගීසි ආක්රමණිකයෝ විනාශ කළ බව ඉතිහාසයේ දැක්වේ. අනතුරුව එම දළදා මාලිගාව පිහිටා තිබූ ස්ථානයේම දෙවන රාජසිංහ රජු විසින් (ක්‍රි.ව. 1635–1387) මහනුවර දෙවන දළදා මාලිගාව ඉදි කර ඇත.
ශ්‍රී දළදා මාලිගාව ලෝක පූජිත වූ ශ්‍රේෂ්ඨ සිද්ධස්ථානයකි. නොකඩවාම දිනපතා දෙස් විදෙස් බැතිමතුන් ගේ හා ලොව නන්දෙසින් පැමිණෙන සංචාරකයින්ගේ විශේෂ ගෞරව පූජෝපහාරයට පාත්රවන්නා වූ මේ සිද්ධස්ථානය වර්ෂ 1988 දී යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදී.
එවන් පින් බිමක ‘විශ්ව පාරමී’ පදනමේ මූලිකත්වයෙන් ප්‍රතිසංස්කරණ කටයුතු කීපයක්ම සාර්ථකව නිමකිරීමට මේ වන විටත් අප සමත්වී ඇත. ඒ යටතේ පළමුවෙන්ම 2017 වසරේදී, වැඩසිටින මාලිගයේ දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කොට ඇති සුගන්ද කුටියේ පිවිසුම් දොරටුවෙහි ඇතුලත සහ පිටත රන් ආලේප කරමින් එම දොරටු දෙක ප්‍රතිසංස්කරණ කිරීමත්, දෙවැනුව දන්ත ධාතුන් වහන්සේ හට රන් නෙළුම් මලක් පූජා කිරීමත් සිදුකළේය. එය දළදා වහන්සේ වැඩ සිටින කරඬුව ඉදිරිපිට තැන්පත් කොට ඇත.

තුන් හෙළයම එක් සේසත් කළ අතීත රජ සමය අපට කියා පාන්නේ ප්‍රෞඩ ඉතිහාසයක අභිමානවත් බවයි.

අතීත ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් ඇති හෙළ රජ දරුවන් බුදුන් පුදන්නට නිමැවූ දෑස් අදහාගත නොහැකි විස්මිත නිම…

රන් පාදම සහිත නව චූඩා මාණික්‍යය ස්වර්ණමාලී මහා සෑ රදුන් මත තැන්පත් කිරීම සහ රන් ආලේපිත කොත් වහන්සේ න…