අප ගැන

මගේ මව් බිම හා සියළු ජාතීන් මුල් කරගෙන

අපගේ දැක්ම

‘විශ්ව පාරමී’ යනු ජාති, ආගම්, කුල බේදයකින් තොරව මෙන්ම  දේශපාලනික සහභාගිත්වයක් නොමැතිව මෙත් සිතින් ශ්‍රී ලාංකික ජනයා වෙත සෙත සලසමින් නිහඬව ඉදිරියට ගමන් කරන ශ්‍රී ලාංකේය සංවිධානයකි.

අපගේ මෙහෙවර

උදව් උපකාර අවශ්‍ය ශ්‍රී ලාංකාවේ දුෂ්කර පළාත් වල ආගමික ස්ථාන, පාසැල්, රෝහල් සහ අඩු ආදායම්ලාභී හුදී ජනයා වෙත මෙත් සිතින් සිදු කරන්න, ලාභ ප්‍රයෝජනයක් හෝ කීර්තිනාමයක් නො පතා, අපගේ හෘද සාක්ෂියට එකඟව ඉටුකිරීමට අප කණ්ඩායම  බැඳී සිටිමු.

විශ්ව පාරමී පණිවිඩය

විශ්ව පාරමී ආ ගමන් මග ආපසු හැරී බැලීමේදී හදවතට දැනෙන ප්‍රබෝධය මෙතකැයි කිව නොහැකිය. මෙය විශාල ක්‍රියාදාමයකි. මෙය යථාර්ථයක් කර ගැනීම පිණිස විශ්ව පාරමී සම සේවක සහ සම සේවිකා කණ්ඩායම දිවා රාත්‍රි නොබලා නිහඬව ඉතා කැපවීමකින් ඊට දායක වූ අතර ඒ සියල්ල සිදුකරන්නේ ලාභ ප්‍රයෝජනයක් හෝ කීර්තිනාමයක් නො පතා, අපගේ හෘද සාක්ෂියට එකඟව බැවින් , එය නැවත නැවතත් ආවර්ජනය කරමින් සතුටු විය හැකි කරුණකි.

අයිතිකරුවෙකු නොමැත,මාසිකව පත්වන නායකයෙක් සහ ඔහුට සහයවන හය දෙනෙකුගේ කණ්ඩායමක් මඟින් ක්‍රියාත්මක වේ.

දකින්න, විඳින්න, අනුමෝදනා වීමට දක්ෂ වන්න

යූ ටියුබ් නාලිකාවට පිවිසෙන්න

දහස් ගණනකට අප සතුට සැනසුම ළඟා කළෙමු

විශ්ව පාරමී®

වපුරමු පින්කෙත් නිහඬව සතුටින්

අපක්ෂපාතීව, අවංකව, පෞද්ගලික ලාභ ප්‍රයෝජන හෝ කීර්තිනාමයක් නොපතා බෙදා දුන්නෙමු අප සතු බොහෝ දෑ

දහස් ගණනකට ජීවිතයේ මග, එළි පෙහෙළි කළෙමු

2000+ National & International Projects

10 Ongoing Monthly Programs