
විල්ගම් වෙහෙර මහා සෑ සිරසෙහි චූඩා මාණික්‍ය පැළඳවීමේ අති උතුම් පිංකම
තුන් හෙළයම එක් සේසත් කළ අතීත රජ සමය අපට කියා පාන්නේ ප්‍රෞඩ ඉතිහාසයක අභිමානවත් බවයි.
ආපසු යන්න
තුන් හෙළයම එක් සේසත් කළ අතීත රජ සමය අපට කියා පාන්නේ ප්‍රෞඩ ඉතිහාසයක අභිමානවත් බවයි. පරපුරෙන් පරපුරට බුදු දහම දායාදව රජකම උරුම වූ රජවරුන් තම පාලන සමය විශිෂ්ටවත් කිරීම සඳහා තම දිවි දෙවැනි කොට උතුම් ශ්‍රද්ධාවෙන් තැනූ වෙහෙර විහාර මේ යුගයේ ජීවත් වන අපව විස්මයට පත් කරන්න්නේය. එලෙස, මීට වසර 2300කට පෙර ගිරි අභය රජ විසින් විල්ගම් වෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකරනු ලැබූ අතර, එතැන් පටන් දෙව් ලොව දෙවියන්ගේත්, බඹ ලොව බඹුන්ගේත්, නා ලොව නාගයන්ගේත්, මනු ලොව මිනිසුන්ගේත් අපමණ වන්දනාවට පාත්‍ර වූ ඒ මහා චෛත්‍ය රාජයාණන් සතුරු ආක්‍රමන හමුවේ විනාශව කාලයාගේ ඇවෑමෙන් යටපත්ව ගොසිනි.
එවන් ඉතා වටිනා ඉපැරණි මේ පින් බිම මතු පරපුර වෙත දායාද කිරීමේ උතුම් චේතනාවන් පෙරදැරිව 2016 වසරේ ජනවාරි මස එහි වැඩකටයුතු අරඹන්නට විශ්ව පාරමි පදනම මූලිකත්වය ගනු ලැබීය. චෛත්‍යරාජයාණන් වහන්සේ ඉදිකිරීමේ කටයුතු එලෙසෙ සිදුවෙමින් පවතින අතරතුර විහාර පරිශ්‍රයකට අත්‍යවශ්‍ය අංගයන් වන බුද්ධ මන්දිරය, බෝධිඝරය, ධර්ම ශාලාව, සංඝාවාසය, දාන ශාලාව, මුළුතැන්ගෙය, පහන් මණ්ඩපය, සදහම් පොත් මැදුර, පොත් මැදුර (ගිහි), ආගන්තුක කුටි, විශ්‍රාම ශාලාව, වැසිකිළි පද්ධති, උද්‍යාන අලංකරණය, ජල පහසුකම්, ආරක්ෂක කුටි ආදියෙහි ඉදිකිරිම් කටයුතු ද පියවරෙන් පියවර ආරම්භ කරන ලදී.

තුන් හෙළයම එක් සේසත් කළ අතීත රජ සමය අපට කියා පාන්නේ ප්‍රෞඩ ඉතිහාසයක අභිමානවත් බවයි.

අතීත ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් ඇති හෙළ රජ දරුවන් බුදුන් පුදන්නට නිමැවූ දෑස් අදහාගත නොහැකි විස්මිත නිම…

රන් පාදම සහිත නව චූඩා මාණික්‍යය ස්වර්ණමාලී මහා සෑ රදුන් මත තැන්පත් කිරීම සහ රන් ආලේපිත කොත් වහන්සේ න…