ආපසු යන්න

රුවන්වැලි මහා සෑ ඉපැරණි චූඩා මාණික්‍යය රත්නය සෑ මළුවේ සුගන්ධ කුටියෙහි තැන්පත් කිරීම

ව්‍යාපෘතිය

අතීත ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් ඇති හෙළ රජ දරුවන් බුදුන් පුදන්නට නිමැවූ දෑස් අදහාගත නොහැකි විස්මිත නිමැවුම් වර්තමානයේද බොදුණු සැදැහැවතුන්ගේ ශ්‍රද්ධාව වඩාත් තීව්‍ර කරගනු වස් ශේෂව තිබීම කෙතරම් නම් භාග්‍යක්ද ?

එවන් විස්මිත නිමැවුම් අතරින් දුටුගැමුණු රජු විසින් තුන්ලොවට තිළිණ කළා  වූ අප මහා තථාගතයන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ ධාතූන් වහන්සේලා තැන්පත් කොට ඉදි කළා වූත්, සම්බුද්ධ ශාසනය නිමාවන දින ධාතු පරිනිර්වාණය  සිදු වන තාක් තැන්පත්ව පවතින්නාවූත් ඒ මහා අසම සම රුවන්වැලි මහා සෑය 1940 වර්ෂයේදී රන්සිරිනෙල් මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම ප්‍රතිසංසකරණය කරන්නට යෙදුණි. ඉන් අනතුරුව රජයකින් රජයකට කරන සහයෝගයක් ලෙස බුරුම රජයෙන් පරිත්‍යාග කෙරුණු ඉතා වටිනා චූඩා මාණික්‍ය 1940 ජුනි මස 17 වැනි දින   මහා සෑයේ කොත් වහන්සේ මත තැන්පත් කරන ලදී.

එතැන් පටන්, විශ්ව පාරමී පදනමේ මුලිකත්වයෙන් 2019 වසරේ නොවැම්බර් මස 25 වැනිදා නව චූඩා මාණික්‍ය තැන්පත් කරන තෙක්,  එම චූඩා මාණික්‍ය වසර 80ක් පුරාවට  මේ මහා විශ්වයටම සෙත සැලසීය. අප අමා මෑණි තිලෝගුරු සම්මා සම්බුදු පියාණන්ගේ බුද්ධ ශක්තිය දසත විහිදුවාලමින්  විරාජමානව මහා සෑ කොත මුදුනෙහි තැන්පත්ව තිබූ ඉපැරණි චූඩා  මාණික්‍යය බුරුම රට හා ඇති රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධය ද පිළිබිඹු කරන ලදී. කෞතුක වටිනාකම මුල්‍යමය වටිනාකම හා පූජනීයත්වය සළකා මෙම ඉපැරණි චූඩා  මාණික්‍යය සෑ මළුවෙහි දකුණු දිශාවේ පිහිටි සුගන්ධ මන්දිරයෙහි තැන්පත් කීරීමට අටමස්ථානාධිපති ස්වාමින්වහන්සේගේත්, ස්වාර්ණමාලිරාමාධිකාරී ස්වාමින්වහන්සේගේත්  අදහස් කළහ.

ඉතා විචිත්‍රවත් සියුම් කැටයමින් බිත්ති අලංකාර කොට තිබූ මෙම මන්දිරයේ ඇතුලත කුටියේ  බිත්ති රන් ආලේපිත අලංකාර කැටයම් සහිත නෙලුම් මල් දෙසීයකින්ද, ඒවා වටා රන් ආලේපිත ලියවැල්වලින්ද අලංකාර කොට ඇතුල්වන දොරටුද රන් ආලේපිත කර නව විදුළි බුබුළු පද්ධතියක ආධාරයෙන් එම කුටිය ඒකාලෝකමත් කොට  විශ්ව පාරමී පදනම මගින්  ප්‍රතිසංස්කරණය කළේ මෙම පුණ්‍ය භුමියේ විශේෂ කුටියක් ලෙසය. 

YouTube හි අපව නරඹන්න

මෙම ලිපිය බෙදා ගන්න

ඔබ කැමති විය හැකි වෙනත් වැඩසටහන්

රුවන්වැලි මහා සෑ ඉපැරණි චූඩා මාණික්‍යය රත්නය සෑ මළුවේ සුගන්ධ කුටියෙහි තැන්පත් කිරීම

අතීත ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් ඇති හෙළ රජ දරුවන් බුදුන් පුදන්නට නිමැවූ දෑස් අදහාගත නොහැකි විස්මිත නිම…