මාසික වැඩසටහන්

මාසික දයානුකම්පා ක්‍රියා

මාසිකව ක්‍රියාත්මක වන වැඩසටහන් ඔස්සේ දහස් ගණනකට අප සතුට, සැනසුම ළඟා කරන්නෙමු

මෙම මාසයේ වැඩසටහන්

මානසික සුවය වැඩසටහන

සුව මානස වැඩසටහනේ අරමුණ වන්නේ පීඩනය, මුනගැසීම් සහ මානසික අභියෝගයන්ට මුහුණ දීම සෞඛ්ය සම්පන්න මනසක් ගොඩනඟා ගැනීමට උපකාරී වේ.
Suwa Manasa
None

නොමිලේ සෞඛ්‍ය පරීක්ෂණ

සෞඛ්‍ය සේවා ලබා ගැනීම අපහසු ප්‍රදේශවල ජනතාවට මෙම වැඩසටහන ඉතා වැදගත් වේ.
Medical
None

පාසල් උපකරණ දෙනුම

මෙම වැඩසටහන මඟින් ගම්මාන පාසල්වල පාසල් උපකරණ හිඟයක් ඇති දරුවන්ට පොතක්, පුවත්පත්, crayons සහ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදෙයි.
Education
None

ගම්මාන පිරිසිදු කිරීමේ වැඩසටහන

පරිසර හිතකාමී ගම්මාන සුරැකීමට පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය.
Community
None

ළමා පෝෂණ වැඩසටහන

දරුවන්ගේ පෝෂණ හිඟය හඳුනාගෙන සුවපහසු ආහාර ලබාදීම.
Lama Poshanaya
None

තනි මාතාගේ සබල කිරීම

තනි මාතාගේ ආර්ථික සහ මානසික ශක්තිමත් කිරීම.
Ammawarune
None

නොමිලේ ඇස් පරීක්ෂණ වැඩසටහන

නොමිලේ ඇස් පරීක්ෂණ සහ spectacles බෙදාදීම.
Mission for Vision
None

දුප්පත් දරුවන්ට සහන

දුප්පත් දරුවන්ගේ ජීවිත ගුණාත්මක බව උසස් කිරීම.
Kadulata Sinahawak
None

මඩුකල් සුරැකුම් වැඩසටහන

මඩුකල් (crabs) ආරක්ෂා කිරීම සහ ජීවිත රැකීම.
Kakuluwanta Abhaya Danaya
None

සතුන් ගළවා ගැනීම හා ආරක්ෂාව

අහිංසක සත්තු ආරක්ෂා කිරීම සහ ගැලවීම.
Abhaya Parami
None

සෑම මසකම විවධ අංශයන් ඔස්සේ ක්‍රියාත්මක කරන වැඩසටහන් මඟින් පිහිටක් අවැසි අපේම ජනතාවට රැකවරණය, සහයෝගය, සහ බලාපොරොත්තුවක් ලබා දෙයි

මාසික වැඩසටහන්

තේරීම

ප්‍රජා සත්කාර මාසික වැඩසටහන්

ලංකාවපුරා දුෂ්කර ප්‍රදේශයන්හි පිහිටි ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණයට මෙන්ම, සමාජගත නොවූ විශේෂ අවශ්‍යතා සහිත වූවන් සහ අඩු ආදායම්ලාභී පවුල් සඳහා උපකාර කරමින් යහපත් මානසිකත්වයකින් වඩා යහපත් අනාගතයක් ඔවුන්ට ගොඩ නගා ගන්නට අප   ශක්තියක් වීමු.

1 වැඩ නිම කල ව්‍යාපෘතීන්

පිවිසෙන්න

අධ්‍යාපන මාසික වැඩසටහන්

ලංකාවපුරා දුෂ්කර පාසැල් සඳහා යටිතල පහසුකම් නගා සිටුවීම / ප්‍රතිසංස්කරණයන් සහ විශ්ව විද්‍යාල සහ පාසැල් වල අධ්‍යාපනය ලබන අඩු අදායම්ලාභී දරුවන් වෙනුවෙන් මාසික ශිෂ්‍යාධාර සහ අධ්‍යාපනික මෙවලම් ලබා දෙමින් යහපත් පරිසරයක් තුළ ආත්ම විශ්වාසයෙන් යුතුව අධ්‍යාපනය ලබන්නට අප සවියක් වන්නෙමු.

1 වැඩ නිම කල ව්‍යාපෘතීන්

පිවිසෙන්න

වෛද්‍යාධාර මාසික වැඩසටහන්

ලංකාවපුරා දුෂ්කර ප්‍රදේශයන්හි රෝහල් වලට ඔවුන්ගෙන් ලැබෙන ඉල්ලීම වලට අනුව  අවශ්‍ය ඖෂධ, වෛද්‍ය උපකරණ, යටිතල පහසුකම් ලබා දෙමින් වඩා යහපත් සෞඛ්‍ය සේවයක් රෝගීන් සඳහා ලබා දීමට දායක වීම මෙන්ම අසරණ වූ රෝගීන් උදෙසා ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට අනුව අපගේ කාරුණික උපකාර ලබා දීමට අප ඇප කැප වී සිටින්නෙමු.

1 වැඩ නිම කල ව්‍යාපෘතීන්

පිවිසෙන්න

නිවාස මාසික වැඩසටහන්

ලංකාවපුරා විශේෂ අවශ්‍යතා සහිත වූවන් සිටින අඩු ආදායම්ලාභී පවුල් මූලික කරගනිමින් ඔවුන්ගේ ආරක්ෂාව මෙන්ම යහපත්  පවුල් ඒකකයක් පවත්වාගෙන යාම සඳහා ශක්තියක් වන්නට අප සමත් වූවෙමු.

1 වැඩ නිම කල ව්‍යාපෘතීන්

පිවිසෙන්න

අභය පාරමී මාසික වැඩසටහන්

සත්ත්වහිංසනයෙන් තොර සමාජයක් ගොඩ නැගීමට අඩිතාලමක් ලෙස මරණයට නියමිත වී සිටින කිරි ගවයන් නිදහස් කර ගනිමින් ඔවුන්ව අඩු ආදායම්ලාභී පවුල් වලට ලබා දෙමින් එම පවුල් වලට ආර්ථිකමය වටිනාකමක් එක් කිරීමට අප දායක වුනෙමු.

එලෙස අභය දානය දුන්නාවූ කිරි ගවයාගේ ආශීර්වාදය අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන්නාවූ රෝගීන් වෙනුවෙන් සෙත් පතා අනුමෝදන් කරමින් ඔවුන්ට මානසික සුවයක් ලබා දෙමින් සිත් සුවපත් කරන්නට කරුණා පෙරදැරිව දායක වන්නෙමු.

1 වැඩ නිම කල ව්‍යාපෘතීන්

පිවිසෙන්න

කකුළුවන්ට අභය දානය මාසික වැඩසටහන්

අභය පාරමී වැඩසටහනට සමගාමිව, අමානුෂික ලෙස මරණයට පත්වන කකුළුවන් සහ මාළුවන් ඔවුන්ට ආවේනික පරිසර පද්ධතීන්ට මුදා හරින්නටත්, සිරකොට ඇති කුරුල්ලන්ට නිදහස ලබා දෙන්නටත් දායක වෙමින්, ජිවත් වීමේ අයිතියට ගරුත්වය ලබා දෙන්නට විශ්ව පාරමී මානුෂිය හදවත විවර කළෙමු.

1 වැඩ නිම කල ව්‍යාපෘතීන්

පිවිසෙන්න

කඳුලට සිනහවක් මාසික වැඩසටහන්

ලංකාවපුරා පිහිටා තිබෙන වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන, ළමා සංවර්ධන මධ්‍යස්ථාන සහ පුනුරුත්ථාපන මධ්‍යස්ථාන වල  වැඩිහිටියන් සහ දරුවන් වෙනුවෙන් සංගීතමය සම්භාවනාමය රසවින්දනයක් ලබා දී  හුදෙකලා වූ ඒකාකාරී ජිවිතයට අස්වැසිල්ලක්  වෙමින් ඔවුන් සමඟ සතුට බෙදා ගන්නෙමු.

1 වැඩ නිම කල ව්‍යාපෘතීන්

පිවිසෙන්න

අඳුරෙන් එළියට මාසික වැඩසටහන්

අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් අක්ෂි කඳවුරු පැවැත්වීම, ඇස් කන්නාඩි සහ ඇස් කාච ලබා දීම, අක්ෂි සැත්කම් සහ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සඳහා උපකාර කිරීම තුළින් අකාලයේ අඳුරු වීමට තිබූ ජීවිතයන් ආලෝකමත් කරමින් ඔවුන්ට නැවත සුපුරුදු  ජිවිතයට අනුගත වන්නට සවියක් වූවෙමු.

1 වැඩ නිම කල ව්‍යාපෘතීන්

පිවිසෙන්න

අම්මාවරුනේ මාසික වැඩසටහන්

ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක් තුළම අඩු ආදායම්ලාභී ගැබිණි මව්වරුන්ට, දරු ප්‍රසූතිය සඳහා වෛද්‍යවරයා විසින් අනුමත කරන ලද මවටත් බිලිඳාටත් අත්‍යවශ්‍ය භාණ්ඩ ලැයිස්තුව ලබා දීමෙන් ඔවුන් පත්ව සිටින ආර්ථික පිඩනයට යම් සහනයක් එක්කරමින් ඔවුන්ව බලගැන්වීමේ මෙහෙකරුවෝ වූවෙමු

1 වැඩ නිම කල ව්‍යාපෘතීන්

පිවිසෙන්න

ළමා පෝෂණය මාසික වැඩසටහන්

පෝෂණ ඌනතාවයෙන් පෙළෙන වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ නිසි වර්ධනය සඳහා අවශ්‍ය පෝෂණීය ආහාර ද්‍රවයන් ලබා දී අනාගතයට නිරෝගී දරු පිරිසක් දැයට දායාද කරලීමේ මාහැඟි කර්තව්‍යට අත්වැලක් වෙමින් දෙමව්පියන්ට සැනසුම ලබා දෙන්නෙමු.

1 වැඩ නිම කල ව්‍යාපෘතීන්

පිවිසෙන්න

සුව මනස මාසික වැඩසටහන්

සමාජයට අනුගත නොහැකි වූවන් ලෙස සැළකෙන හව් හරනක් නොමැති සිඟමනේ යෙදෙන්නන් මානසික රෝගීන් පුනුරුත්ථාපනය කිරීමට ඉදි කර ඇති රජයේ නිවර්තන නිවාසය සහ රුහුණු සුව නිවහනේ සිටින රැඳිවියන්ගේ යහපත් සෞඛ්‍යය පරිසරයක් පවත්වාගෙනයාම පිණිස සනීපාරක්ෂක ද්‍රව්‍යන් මෙන්ම ඔවුන්ගේ පෞරුෂ වර්ධන ක්‍රියාකාරකම් සඳහා අවශ්‍යය මෙවලම් මාසිකව ලබා දෙමින් සෞඛ්‍ය පද්ධතියටද සවියක් වන්නෙමු.

1 වැඩ නිම කල ව්‍යාපෘතීන්

පිවිසෙන්න

විශ්ව පාරමී®

එක්ව, අපට වෙනසක් කළ හැකිය

අපගේ මෙහෙවරට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට, සහයෝගයෙන් කටයුතු කිරීමට හෝ සහාය වීමට අප හා සම්බන්ධ වන්න.