ආපසු යන්න

බුද්ධගයා පිං බිම රනින් ඒකාලෝක කිරීමේ උතුම් පුණ්‍යකර්මය

ව්‍යාපෘතිය

සියලු දෙව් මිනිසුන්ගේ ශාස්තෘන් වහන්සේ වූ අප ගෞතම සම්මා සම්බුදුරජාණන්
වහන්සේ දස බිම්බරක් මාර සේනා පරදවමින් උතුම් සම්බෝධියට පත්වූ බුද්ධගයා
ශුද්ධ භුමියේ රන් ආලේප කිරීමට, රනින් නිමවන ලද පුජා භාණ්ඩ හා රන් පියුම්
වලින් පුදකිරිමට අප භාග්‍යවන්ත වූවෙමු.

  • උතුම් වූ වජිරාසනය ආවරණය කර ඇති වහලය, සහ කණු හතර මුළුමනින්ම දඹ රන් ආලේප කර පූජා කිරීම
  • උතුම් වූ වජිරාසන වහලයට සවිවූ සිවිලිමෙහි මධ්‍ය ලක්‍ෂයෙහි නෙළුමක හැඩගත් දඹරන් විදුලි පහනක් සවිකොට පූජා කිරීම
  • උතුම් වූ වජිරාසනය මලින් වන්දනාමාන කිරීම සඳහා වජිරාසනයට දෙපසින්, අලුතින්ම නිපදවූ සහ දඹ රන් ගැල්වූ මල් ආසන දෙකක් පූජා කිරීම
  • උතුම් වූ වජිරාසනය හා බෝධීන් වහන්සේගේ ආරක්‍ෂාව වෙනුවෙන් ඇතුලත ගල් වැටට, අලුතින්ම නිපදවූ සහ දඹ රන් ගැල් වූ ගේට්ටු දෙකක් සවි කොට පූජා කිරීම
  • උතුම් වූ වජිරාසනය හා බෝධීන් වහන්සේ වටා ඇති අඩි 70 ක් දිගැති වැට මුලිමන්ම අලුත්වැඩියා කොට දඹ රන් ආලේප කර පූජා කිරීම
  • උතුම් වූ වජිරාසනය වන්දනාමාන කරන ගාථාව සහ එහි අර්ථය සිංහල, ඉංග්‍රීසි සහ හින්දි භාෂා ත්‍රිත්වයෙන්ම සටහන් කළ පුවරුවක් දඹ රන් ආලේප කොට, ඇතුලත ගල් වැටෙහි සවිකොට පූජා කිරීම
  • උතුම් වූ වජිරාසනය වටා ඇති ගල් වැටෙන් ඔබ්බෙහි හා එහි දෙපස පැවති මල් ආසන හතර දඹ රන් ආලේප කර පූජා කිරීම
  • බුද්ධගයා මූලික විහාර පරිශ්‍රය තුල වජිරාසන ඉරියව්වෙන් වැඩසිටින්නා වූ බුදු පිළිම වහන්සේගේ උතුම් වූ ශ්‍රී හස්තයෙහි ස්ථානගත කිරීම සඳහා දඹ රනින් නිමවූ නෙලුම් මලක් පූජා කිරීම
  • බුද්ධගයා මූලික විහාර පරිශ්‍රය තුල වජිරාසන ඉරියව්වෙන් වැඩසිටින්නා වූ බුදු පිළිම වහන්සේගේ උතුම් වූ ශ්‍රී හස්තයෙහි ස්ථානගත කිරීම සඳහා දඹ රන් ආලේප කළ පාත්‍රයක් පූජා කිරීම
  • උතුම් වූ වජිරාසනය සහ විජය ශ්‍රී බෝධීන් වහන්සේ පැහැදිලිව බැතිමතුන්හට පෙනෙන පරිදි ඇතුලත ගල් වැටෙහි “ඇතුලත පෙනෙන; පදම් කරන ලද වීදුරු ආවරණ පද්ධතියක්” සකස් කොට පූජා කිරීම
  • රනින් නිමවන ලද පාත්‍රයක කිරිපිඬු පූජාවක් සහ ගිලන්පස ද පූජා කළෙමු.
  • එපමණක්ද නොව, දුටු පමණින් සිත නිවී පහන් වන ඒ නික්ලේෂි ජීවමාන බුදුරුවක්ම දැයි හැඟෙන පමණටම බුද්ධාලම්බන ප්‍රීතියෙන් සිතත් ගතත් ඔද වැඩෙන ඒ උතුම් බුදු කුටිය උදෙසාද රණින් නිමවන ලද නෙලුම් මල් සමග රන් පාත්‍රයක කිරිපිඬු සහ ගිලන්පස ද පුජා කළෙමු.

YouTube හි අපව නරඹන්න

මෙම ලිපිය බෙදා ගන්න

ඔබ කැමති විය හැකි වෙනත් වැඩසටහන්

රුවන්වැලි මහා සෑ ඉපැරණි චූඩා මාණික්‍යය රත්නය සෑ මළුවේ සුගන්ධ කුටියෙහි තැන්පත් කිරීම

අතීත ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් ඇති හෙළ රජ දරුවන් බුදුන් පුදන්නට නිමැවූ දෑස් අදහාගත නොහැකි විස්මිත නිම…