
විල්ගම් වෙහෙර මහා සෑ සිරසෙහි චූඩා මාණික්‍ය පැළඳවීමේ අති උතුම් පිංකම
තුන් හෙළයම එක් සේසත් කළ අතීත රජ සමය අපට කියා පාන්නේ ප්‍රෞඩ ඉතිහාසයක අභිමානවත් බවයි.
ආපසු යන්න
මේ සක්වළ මුළුල්ලෙහි වැඩ වෙසෙන අනන්ත වූ දෙව් බඹුන්ගේත්, සකල ලෝක වාසී බෞද්ධ සැදැහැවතුන්ගේත් වන්දනාවට පාත්‍ර වූ අති උතුම් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ දක්ෂිණ ශාඛාව පිහිටි අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වටා ඇති ආරක්‍ෂිත රන් වැට සහ ආධාරක කණු දඹ රනින් ආලේප කිරීමත්, බෝධි මළුවේ සියලුම පූජා අංගයන් සහ පූජා භාණ්ඩ දඹ රනින් ආලේප කිරීමත්, බෝධීන් වහන්සේගේ ආරක්ෂාව පිණිස ඉදි කොට තිබූ සිමෙන්ති බෝධි ප්‍රාකාරය මුලුමනින්ම ප්‍රතිසංස්කරණය කොට අඩි 3 ක් උස් කොට ශෛලමය ප්‍රාකාරයක් ලෙස තනා බුදු සසුන වෙත පූජා කිරීමේ අති දුර්ලභ පිංකම සිදු කරන්නට තරම් 2019 මැයි මස 11 වැනිදා විශ්ව පාරමී සාමාජික අප සියළුම දෙනා භාග්‍යවන්තයන් වූ වගයි….
එදා රජ දවස වන සතුන්ගෙන්, සතුරු උවදුරු වලින් බෝ සමිඳුන් රකින්නට රෑ දවල් නොතකමින් දිවි පරදුවට තබා කටයුතු කළ අතරම, බෝධීන් වහන්සේ වටා පළමු රන් වැට සහ දෙවන රන් වැට ඉදි කරන්නට පාලනාධිකාරිය විසින් පියවර ගනු ලැබූ අතරම, වසර 58 කට පසු රන් වැට සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුත්ත විශ්ව පාරමී අප විසින් සිදු කළ ආකාරයයි මේ.
වැඩමවා වදාල අතිපූජනීය මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරෝද්ව්‍යාධිපති තිබ්බටුවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ ශ්‍රීමත් මහා නායක ස්වාමීන්ද්‍රියන් වහන්සේ සහ සියම් නිකායේ මල්වතු පාර්ශවයේ උතුරු මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝ නායක අටමස්ථානාධිපති ආචාර්ය සද්ධර්ම ජෝතික ධජ අති පූජනීය පල්ලේගම සිරි සුමන ධම්ම රක්ඛිත සිරි නිවාස නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්, අතිපූජනීය ගම්පහ ප්‍රේමසිරි ස්වාමින් වහන්ස, අනුරාධපුර ප්‍රදේශ වාසි නායක ස්වාමීන් වහන්සේලාද, දඹදිව බුද්ධගයා විහාර කළමණාකාර කමිටුව නියෝජනය කරමින් අපගේ ආරාධනය පිළිගෙන මෙම ස්ථානයට වැඩමවා වදාල අතිපූජනීය ධර්මේන්ද්‍ර කුමාර් භික්‍ෂූන් වහන්සේගේ ද, එම කමිටුවේ ලේඛකාධිකාරී නැන්ග්සේ ඩොර්ජී මහතා ඇතුළු එම මහත්මියද ප්‍රමුඛ කොට ගත් ආරාධිත අමුත්තන්ගේ ද සහභාගීත්වයෙන් 2019 මැයි මස 11 වන දිනට යෙදුණු සුභ මොහොතින් බෝධීන් වහන්සේ වටා ඇති පළමු රන්වැට සහ දෙවන රන්වැට ද, බෝධීන් වහන්සේ දරා සිටින ආධාරක කණුද, පූජාවන් සිදුකිරීම සඳහා රන් ආලේපිත මල් ආසන තුනක් ද, බෝධීන් වහන්සේ ඉදිරිපිට ඇති නෙළුම්මල් සතර, පැන් කෙන්ඩිය, ගුරුලා සහ මල් පූජා කිරීම සඳහා ඇති තැටි රන් ආලේපිත කිරීම ද, රන් ආලේපිත ප්‍රතිසංස්කරණය කරන ලද දොළොස්මහේ පහන ද, බෝධීන් වහන්සේට බුද්ධ පූජාව, ගිලන් පස පූජා කිරීම සඳහා රන් ආලේපිත පාත්‍ර, රන් ආලේපිත තැටි, මල් බඳුන්, පැන් කෙන්ඩි ඇතුළු අංග සම්පුර්ණ පූජා භාණ්ඩ කට්ටලයන් පූජා කිරීමද සිදු වූයේ මෙලෙසිනි.

තුන් හෙළයම එක් සේසත් කළ අතීත රජ සමය අපට කියා පාන්නේ ප්‍රෞඩ ඉතිහාසයක අභිමානවත් බවයි.

අතීත ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් ඇති හෙළ රජ දරුවන් බුදුන් පුදන්නට නිමැවූ දෑස් අදහාගත නොහැකි විස්මිත නිම…

රන් පාදම සහිත නව චූඩා මාණික්‍යය ස්වර්ණමාලී මහා සෑ රදුන් මත තැන්පත් කිරීම සහ රන් ආලේපිත කොත් වහන්සේ න…